— ක්‍රිස්තුස් වහන්සේ උත්ථාන වූ සේක!
— උන්වහන්සේ සැබවින් ම උත්ථාන වූ සේක!
මිහිපිට මෙතරම් සතුටුදායක වූ අන් කිසිදු වචනයක් නොමැත! මේ දවස්වල අපි යේසුස් ක්‍රිස්තුස් සමිඳානන්ගේ උත්ථානය සිහිපත් කරමු, එය ජෙරුසලම අසල ගොල්ගොතා කන්දේ දී කුරුසියේ වධහිංසා විඳ මරණයට පත්වීමෙන් තුන්වන දිනයේ අද්භූත ලෙස සිදුවූවකි. ගැලවුම්කරුගේ ගෝලයන්ගෙන් එක් අයෙකු වූ අරිමතියේ ජෝසෆ්, යුදයේ නඩුකාර පොන්තියුස් පිලාත්ගේ අවසරය ඇති ව, ගැලවුම්කරුගේ ශරීරය කුරුසයෙන් බහා භූමදාන කළේ ය. උත්තම පූජකයෝ ශුද්ධ සොහොන් ගෙය අසල මුරකරුවන් යෙදවූහ. යුදෙව් සිරිත් විරිත්වලට අනුව, සොහොන් ගෙය පර්වතයේ කැටයම් කරන ලද ගුහාවක් විය. මළ ශරීරය තෙල් සහ සුවඳ විලවුන් ගෑවූ පසු රෙදි වලින් ඔතා ගල් පුවරුවක තබනු ලැබීය. ගුහාවේ පිවිසුම වසා දමනු ලැබුවේ විශාල ගලකින් ය. යේසුස්ගේ ශරීරයට ද එසේ ම සිදු කළේ ය - නමුත් එක් වෙනසක් සහිතවයි. ඔහුගේ භූමදානය හදිසියෙන් සිදු කළේ ය: සිකුරාදා අවසන් වෙමින් තිබූ අතර, යුදෙව් සිරිත් අනුව, සබත් දිනයේ දී (එය සිකුරාදා සවස ආරම්භ වේ) කිසිදු වැඩක් කළ නොහැකි ය. එම නිසා යේසුස් වහන්සේගේ ශරීරයට සුවඳ තෙල් ගෑවීමට කාලය නොතිබිණි. දෙවියන්වහන්සේ ගැන බැතිමත් වූ ස්ත්‍රීහු, ක්‍රිස්තුස්ගේ ගෝලයෝ, මේ ගැන දැඩි ලෙස කනස්සල්ලට පත්වූහ. ඔවුන් ක්‍රිස්තුස්ට ආදරය කළ අතර ඔවුනට උන්වහන්සේගේ අවසන් ගමන "නිසි පරිදි" සිදු කිරීමට අවශ්‍ය විය. එම නිසා, ඉරිදා උදෑසන, සුවඳැති තෙල් රැගෙන, අවශ්‍ය සියල්ල කිරීමට මිහිදන් ගැබට ඔවුහු හදිසියෙන් පිට ව ගියහ. එම සුවඳ තෙල් මිර්හ් (myrrh) ලෙස හැඳින්වෙන බැවින් අපි මේ ස්ත්‍රීන් මිර්හ්-දරන්නියන් ලෙස හඳුන්වන්නෙමු.
නමුත් සොහොන් ගැබ හිස් ව තිබුණි, ළඟ ගලක් මත දේවදූතයෙක් වාඩි වී සිටියේ ය, ඔහු ඔවුන්ට කියා සිටියේ ස්වාමීන්වහන්සේ පොරොන්දු වූ පරිදි මළවුන්ගෙන් නැගිට ඇති බවයි. දේවදූතයාගේ පෙනුමෙන් විශ්මයට පත් ස්ත්‍රීහු, සොහොන් ගැබ හිස් බව දැක තවත් පුදුමයට පත්වූහ. ශරීරය ඔතා තිබූ රෙදි පටිය සහ ක්‍රිස්තුස්ගේ හිසෙහි තිබූ හිස් ආවරණය පමණක් ගුහාවේ තිබුණි.
මඳක් සන්සුන් වූ ඔවුහු, මරණයෙන් දින තුනකට පසු නැවත නැගිටීම පිළිබඳ ක්‍රිස්තුස් වහන්සේගේ වචන සිහිපත් කළහ, නමුත් එය ඒ අවස්ථාවේ ඔවුන්ට එහි අපැහැදිලි බවක් පෙනෙන්නට තිබුණි. ක්‍රිස්තුස්ගේ ගෝලයන් සිතුවේ ක්‍රිස්තුස් උත්ථානය ගැන කථා කළේ වචනානුසාරයෙන් නොව, රූපකාත්මක අන්දමින් බවයි, එනම් වෙනත් දෙයක් සම්බන්ධයෙන් බවයි! නමුත් පෙනී ගියේ ක්‍රිස්තුස් වචනයේ සැබෑ ම අර්ථයෙන් නැගිට ඇති බවයි! එවිට කාන්තාවන්ගේ ශෝකය සතුටට හේතු වූ අතර, මේ සතුටුදායක පුවත සමග ඔවුහු අනෙක් ගෝලයන් වෙත යෑමට හදිසි වූහ. කෙසේනමුත්, ඔවුහු මුල දී ඒ ගැන හරිහැටි විශ්වාස නොකළහ. නමුත් එම දිනයේ සවස උත්ථාන වූ ස්වාමීන්වහන්සේ ම ඔවුන් හමුවේ පෙනී සිටියේ ය...
ස්වාමීන්වහන්සේගේ දුක් විඳීමෙන් පසු ඔහුගේ සදාකාලික මහිමය පවතින බවත්, කුරුසියේ වධ හිංසා විඳීමෙන් පසු ඔහුගේ දීප්තිමත් උත්ථානය සිදුවන බවත් දැන් අපි දනිමු. නමුත් ඔහුගේ ගෝලයන්ගේ හැඟීම් මඳකට සිතා බලන්න: අවමානයට ලක්වූ, බලධාරීන් විසින් ද්වේෂ කරන ලද සහ බොහෝ අය විසින් පිළිනොගත්, ඔවුන්ගේ ගුරුවරයා මිය ගියේ ය. කිසිවක් අපෝස්තුළුවරුන්ට බලාපොරොත්තුවක් ගෙන නොදුන්නේ ය. යේසුස් වහන්සේ පවා මිය ගියේ භයානක වචන සමගයි: "මාගේ දෙවියනි! ඔබ මා අත්හැරියේ ඇයි?" (මාක් 15:34). නමුත් හදිසියේ ම ක්‍රිස්තුස්ගේ ගෝලයෝ මෙම සතුටුදායක පුවත කියති...
එදින සවස අපෝස්තුළුවරු සිදුවූ දේ සාකච්ඡා කිරීමට ජෙරුසලමේ නිවසක රැස්වූහ: මුල දී, ඔවුන් ක්‍රිස්තුස් නැගිට ඇති බව විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කළේ - එය මිනිස් අවබෝධයට එහා ගිය දෙයක් වූ බැවිනි. නිවසේ දොරවල් තදින් අගුළු දමා තිබුණි - අපෝස්තුළුවරු යුදෙව්වන්ගේ හිංසනයට බිය වූහ. හදිසියේ ම ස්වාමීන්වහන්සේ ම ඇතුළු වී ඔවුන් මධ්‍යයේ සිට, "ඔබට සාමය අත්වේවා!" යැයි කීවේ ය.
ඉන් පසු, සමිඳාණන් වහන්සේ අපෝස්තුළුවරුන්ට දර්ශනය වූ අතර, එවිට පමණක් නොව, උන් වහන්සේගේ නැවත නැගිටීමෙන් පසු හතළිස් වන දින ස්වර්ගයට නැගී යන තෙක් කිහිප වතාවක් ම දර්ශනය විය. අනික් කරුණ නම්, තෝමස් අපෝස්තුළුවරයා එම ඉරිදා ජෙරුසලමේ නිවසේ සිටියේ නැත. අනෙකුත් අපෝස්තුළුවරු ඔහුට හාස්කම ගැන කියූ විට, තෝමස් විශ්වාස නොකළ අතර, ඒ නිසා ඔහු සැක කරන්නා ලෙස හැඳින්වුණි. තෝමස් තමාගේ ම දෑසින් උන්වහන්සේ ව දකින තුරු යේසුස් වහන්සේගේ නැවත නැගිටීම පිළිබඳ කථා විශ්වාස කළේ නැත. තව ද ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ කුරුසියට ඇණ ගසා තිබූ ස්ථාන සහ උන්වහන්සේගේ ඉළ ඇට හෙල්ලයකින් සිදුරු වී ඔහුගේ ශරීරයේ තුවාල වී තිබූ ස්ථාන ද ඔහු දුටුවේ ය. ඉන්පසු තෝමස් ද, අනිත් අපෝස්තුළුවරුන් මෙන්, ශුභාරංචිය ලෝකයට ගියේ ය. ඔහු ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ප්‍රාණ පරිත්‍යාගී ව මිය ගියේ ය: ක්‍රිස්තුස් වහන්සේ නැවත නැගිට ඇති බව ඔහු නිසැක ව ම දැන සිටියේ ය, මරණ දඬුවම පිළිබඳ තර්ජනයට පවා අපෝස්තුළුවරයාට ඒ ගැන මිනිසුන්ට පැවසීම නතර කිරීමට නොහැකි විය.
තව ද තම පාර්ථි ව ජීවිතයේ දී ක්‍රිස්තුස් වහන්සේ කිසිදා නොදුටු, නමුත් උන්වහන්සේගේ නැවත නැගිටීමෙන් පසු උන්වහන්සේ ව දුටු අපොස්තුළු පාවුළුතුමා, අපගේ විශ්වාසය ගැන සමහර විට වඩාත් නිවැරදි වචන පැවසුවේ ය: «ක්‍රිස්තුස් වහන්සේ උත්ථාන නොවූයේ නම්, ඔබගේ ඇදහිල්ල නිෂ්ඵල ය... අපි සියලු මිනිසුන් අතරින් ඉතාමත් දුක්ඛිතයෝ වෙමු» (1කොරින්ති 15:17–19). මන්ද: «අපි [බව්තීස්මයේ දී - සංස්.] උන්වහන්සේගේ මරණයේ ස්වරූපයෙන් එකට එක්සත් වී ඇත්නම්, නියත වශයෙන් ම අපි උන්වහන්සේගේ නැවත නැගිටීමේ ස්වරූපයෙන් ද සම්බන්ධ ව සිටින්නෙමු» (රෝම 6:5). ගැලවුම්කරුවාණන්ගේ නැවත නැගිටීම පෘථිවියේ ජීවත් වූ සියලු මිනිසුන්ගේ නැවත නැගිටීම පිළිබඳ ස්ථිර සහතිකයකි. ක්‍රිස්තුස් වහන්සේ උත්ථාන වී ඇත! එය මරණයට එරෙහි සම්පූර්ණ සහ කොන්දේසි විරහිත ජයග්‍රහණයකි! «එම්බා මරණය, නුඹේ ජය කොයි ද? එම්බා මරණය, නුඹේ කටුව කොයි ද?» (1කොරින්ති 15:55).
«...අප සියල්ලන් ම, ව්‍යතිරේකයකින් තොර ව, දෙවියන්වහන්සේ ඉදිරියේ මාංශපිඩු වලින් නැගී සිටිනු ඇත, අපගේ අමරණීය ආත්මයන් මෙම ශරීර සමග නැවත එක්වනු ඇත, අප සියල්ලන් ම අපගේ පාද මත නැගී සිටිනු ඇත... අනාගතවක්තෘ එසකීයල් පවසන පරිදි: “එක එක ඇටය ස්වකීය ඇටවලට ළං විය... නහර සහ මස් ඒවා මතට පැමිණියේ ය, සම ඒවා ආවරණය කළේ ය” (එසකියෙල් 37:7–8). තව ද ආත්මය යථා තත්ත්වයට පත් වූ ශරීරයට ඇතුළු වනු ඇත. නයිස්සියානු ග්‍රිගෝරි පවසන පරිදි: "ඔබේ ශරීරය වයස්ගත වී රැළි ගැසී හෝ ළදරු කාලයේ අඩු වර්ධනයක් සහිත ව වියළී යනු ඇතැයි නොසිතන්න, නැත, ස්වාමීන් වහන්සේ මුල් අවස්ථාවේ අදහස් කළ පරිදි සමස්ත ශරීරය නැවත පිහිටුවනු ඇත, මිය ගිය එම ශරීරය ම." එබැවින් අපි ජීවමාන ව අපගේ පාද මත නැගී සිටිනු ඇත, අපගේ ශරීරය ආත්මය ප්‍රකාශ කරනු ඇත, අපි ස්වාමීන් වහන්සේ විසින් එක් රැස් කරනු ඇත.» (පූජක ඩැනියෙල් සිසොව්. දෙවියන් වහන්සේගේ රාජධානිය පිළිබඳ වූ ශ්‍රව්‍ය සංවාදය.)
පාස්කු උත්සවය "මංගල්‍යයන්ගේ මංගල්‍යය සහ පූජනීය උත්සව අතරින් උත්කර්ෂවත්" ලෙස හඳුන්වනු ලැබේ. මෙදින සියලු දේවස්ථාන මල් සහ රතු ඉටි පහන් වලින් සරසා ඇති අතර, සුවඳ දුම් වලාකුළු අපට නැවත ලබාගත් ස්වර්ගය පසක් කරයි. තව ද උත්ථානයේ වචනය රාජකීය දොරටු ඉහළින් බැබලේ.
සෙනසුරාදා සවස ශවවස්ත්රය (හෙවත් ශ්‍රේෂ්ට සිකුරාදා මළ මිනිය තැන්පත් කල රෙදි කැබැල්ල) පූජාසනයට ගෙන යනු ලැබේ — මෙය සියල්ලන්ට නොපෙනෙන ක්‍රිස්තුස් වහන්සේගේ නැවත නැගිටීම සංකේතවත් කරයි. කුරුස පෙරහැර මධ්‍යම රාත්‍රියේ ආරම්භ වේ. ක්රිස්තියානිවරු, මිර්හ් තෙල් ගත් කාන්තාවන් අනුකරණය කරමින්, සභාව වටා යමින් ස්ටික්හෙරා ගී ගයති:
ඉන්පසු පූජකවරු පාස්කු ට්රොපාරියන් තුන් වරක් ගයති: «මරණය මරණයෙන් පාගා දමමින් සහ සොහොන්වල සිටින අයට ජීවිතය ප්රදානය කරමින්, ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් නැවත නැගිට සිටින සේක», තව ද පසු ව ජනතාව ද එකතු වී එය ගායනා කිරීමට පටන් ගනී. පාස්කු දින ස්ටික්හෙරා ගායනා කරනු ලබන අතර, සෑම කෙනෙකු ම ප්‍රීතිමත් ප්‍රකාශනවලින් එකිනෙකාට ආචාර කරති:
«ක්‍රිස්තුස් වහන්සේ උත්ථාන වූ සේක - උන්වහන්සේ සැබවින් ම උත්ථාන වූ සේක!»
ජෝන් ක්‍රිසොස්ටොම් විසින් රචිත "Catechetical Sermon" උදේ යාච්ඤාව අතරතුර කියවීමෙන් විශ්වීය ප්‍රීතිය වැඩි දියුණු වේ, එහි එවැනි වචන අඩංගු වේ: “එබැවින්, සියලු දෙනා ම - සියල්ලෝම ඔබේ ස්වාමියාගේ සතුට වෙත ඇතුළු වන්න! මුල් අය හා අවසන් අය යන දෙපිරිස ම ඔබේ ත්‍යාගය ලබා ගන්න; පොහොසත් හා දුප්පත්, එකට සතුටු වන්න; සන්සුන් හා අලස අය, දිනය සමාන ව ගරු කරන්න; උපවාසය කළ අය හා නොකළ අය, අද දින සතුටු වන්න! මේසය පිරී ඇත, සියල්ලෝ ම ප්‍රීතියෙන් සිටින්න! වසු පැටියා තර කර ඇත, කිසිවෙක් කුසගින්නෙන් ඉවත් ව නොයන්න! සියලු දෙනා ම විශ්වාසයේ මංගල්‍යය භුක්ති විඳින්න, සියලු දෙනා ම යහපත්කමේ ධනය ලබා ගන්න!" - පුරාතන සම්ප්‍රදායට අනුව සියලු කිතුනුවෝ පාස්කු රාත්‍රියේ දිව්‍ය සත්ප්‍රසාදය ලබා ගනිති. ක්‍රිස්තුස් වහන්සේ නැවත නැගිට ස්වර්ගයට ආරෝහණය වූවත්, උන්වහන්සේ සැමවිට ම තම සභාවේ වැඩ සිටින සේක. තව ද, ප්‍රධාන ක්‍රිස්තියානි දෙව් මෙහෙයේ දී, එනම් දිව්‍ය පූජාවේ දී, නැවත නැගිටුවනු ලැබූ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය හා රුධිරය සමග පූජකවරයා ජනතාව වෙත පැමිණෙන විට දී අප අතරින් ඕනෑ ම කෙනෙකුට උන්වහන්සේ ස්පර්ශ කළ හැකි ය...
අපොස්තුළුවරුන්ගේ කාලයේ සිට ක්‍රිස්තියානි පාස්කු මංගල්‍යය දින හතක් පුරා පවතී. මේ දිනවල සියලු ම ඕතඩොක්ස් සභාවල රාජකීය දොරවල් වසා නොමැත. ශුද්ධ වූ ත්‍රීත්වයේ මංගල්‍යය තෙක් නමස්කාර සිදු නොකෙරේ. දීප්තිමත් සතිය (Bright Week ) තුළ ගීතිකාව කියවන්නේ නැත. දීප්තිමත් සතියේ දී අපි සාමාන්‍ය යාච්ඤා නියමය වෙනුවට පාස්කු පැය කියවන්නෙමු. දෙව් මෙහෙයට අදාළ ව මුළු දීප්තිමත් සතිය ම එක් උත්සව දිනයක් මෙන් ය: මෙම සතියේ සියලු ම දිනවල දේව මෙහෙය ස්වල්ප වෙනස්කම් හා විවර්තනයන් සමග පළමු දිනයේ මෙන් ම එක ම ආකාරයකින් පවත්වයි. ධර්මිෂ්ට ගිහියන් විසින් තවමත් රැකගන්නා පුරාතන ශුද්ධ චාරිත්‍රයක් නම්, මුළු දීප්තිමත් සතිය පුරා ම දෙව් මෙහෙය මග නොහැරීමයි.
අපේ හදවත් ආදරණීය ස්වාමින් වහන්සේ හට විවෘත කරමු! උන්වහන්සේ ඇතුලු වී අපේ ජීවිත උන්වහන්සේගේ ආලෝකයෙන් පුරවනු ඇත, අපේ ආත්මයන් පරිවර්තනය කරනු ඇත. පාස්කුව සැමරීම යනු නව පුද්ගලයෙකු වීමයි. අපි එවැනි ගැළවීමේ තත්ත්වයක් සෑම කෙනෙකුට ම අවංක ව ම ප්‍රාර්ථනා කරමු!

ඔබගේ උත්ථානය, ගැලවුම්කරු ක්‍රිස්තුස් වහන්ස, // දේවදූතයෝ ස්වර්ගයේ ගී ගයති, // සහ පෘථිවියේ අපට ගෞරව කරති // පවිත්‍ර හදවතකින් ඔබට මහිමය දෙන්නට!

ඔබට පිරිසිදු හදවතකින් යුතු ව නැවත උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේ හමුවීමට අපි ප්‍රාර්ථනා කරමු!